නවතම පුවත්

සාපෙළ අද ඇරඹෙයි

අසංක

අසංක


අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (2) දා ආරම්භ වෙයි. මෙවර අපේක්ෂකයන් 717,008 ක සංඛ්‍යාවක් විභාගය සඳහා පෙනී සිටියි.

පාසල් අයදුම්කරුවන් 433,050ක් ද පෞද්ගලික අයදුම්කරුවන් 283,958ක් මෙවර විභාගයට පෙනී සිටීමට නියමිතය.

මධ්‍යස්ථාන 4,987ක් හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541ක් ඒ සඳහා සූදානම් කර ඇත.

විභාගය ආරම්භවීමට පැය භාගයකට පෙර සියලූ අයදුම්කරුවන්ගෙන් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක්ද කරයි.


තම අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත‍්‍රය හෝ රියදුරු බලපත‍්‍රය ඉදිරිපත් කළයුතුය. එසේ නොමැති අපේක්ෂකයින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද ඡායාරූප සහිත පෞද්ගලික දත්ත පත‍්‍රිකාව ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්