ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ඩිජිටල් වේදිකා හරහා මෙරටින් විශාල මුදල් ප්‍රමාණයක් පිටතට ඇඳි යන බැවින් විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ, සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් සිදුනොවන බවය.
සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා එම නිවේදනය නිකුත් කර තිබේ.
බහුජාතික සමාගම් ඩිජිටල් දත්ත පාලනය මඟින් දේශීය ව්‍යාපාර යටපත් කරමින් හා පවරා ගනිමින් සිටිනු ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මෙරටින් මුදල් පිටතට ඇද ගැනීමේ ආක්රමණකාරි ක්‍රමවේදයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.