පිළියන්දල නගරයට ඇතුළුවීම තහනම්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පිළියන්දල නගරයට ඇතුළුවීම හා නගරය හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට පියවර ගත් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී .

. එම ප්‍රදේශයේ පවතින කොරෝනා අධි අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තහනම පනවා තිබෙන බවද ඒ මහතා පැවසීය ..

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ කොලමුන්න සහ මාම්පේ බටහිර යන ග්‍රාම නිළධාරී වසම් අද දිනයේ සිට හුදෙකලා කර ඇති අතර තවත් ග්‍රාම නිළධාරී වසම් රැසක් මීට පෙර සිට හුදෙකලා කර තිබේ.