නවතම පුවත්

පුද්ගල අවශ්‍යතා මත බදු අයකිරීමෙන් රටේ ආර්ථික කඩාවැටෙනවා – හර්ෂ

අසංක

අසංක

වරින් වර විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා මත විවිධාකාර බදු අයකිරීම් හඳුන්වාදීමට යාමෙන් රටේ ආර්ථිකයට ඍනාත්මක බලපෑම් එල්ලවන බවත් විද්‍යාත්මකව සකස් කරන ලද ස්ථාවර බදු ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බවත් ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය අචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටී.

සමීක්ෂණ බුද්ධි ඒකකය හෙවත් ආර් අයි යු (RIU) සංවිධානය, සුරාබදු හා දුම්කොළ බදු අයකිරීම පිලිබඳ අධ්‍යයන වාර්තාවක් නිකුත් කිරීම හා පුරවැසි චින්තන පුරෝගාමී වැඩපිළිවෙල දියත් කිරීම අද කොළඹ හිල්ටන් හෝටලයේදී උත්සවාකාරයෙන් සිදුකෙරුණු අතර ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්වෙමින් අමාඝ්යවරයා මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.

බදු පැනවීමේදී සෑම පාර්ශවයක් දෙසම අවධානය යොමු කර හැකිතාක් සැමටම සාධාරණයක් ඉටුවන අකාරයෙන් එම කටයුත්ත කල යුතු බවද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී පැවසීය .

මෙහිදී අදහස් දැක්වූ ආර් අයි යු සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රොෂාන් මැදවෙල මහතා සඳහන් කලේ ” රටේ මූල්‍ය හිඟය පියවීම යොදාගන්නා එක් ප‍්‍රධාන මාර්ගයක්ව න්නේ බදුඅයකිරීම වන බවය .

පසුගිය වසර දෙක තුනක කාලය තුළ නීති විරෝධී දුම්වැටි කර්මාන්තය පසුගිය වසර දෙක තුනක කාලය තුළ අනතුරුදායක තත්ත්වයකින් වර්ධනය වී ඇති බවත් වර්තමානයේ රටේ භාවිත කරන දුම්වැටිවලින් සියයට 21 ක් නීති විරෝධී දුම්වැටි බව පෙන්නුම් කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළේය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්