නවතම පුවත්

පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාභයගේ නඩුවේ සම්පූර්ණ තීන්දුව හෙට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සමේ සම්පූර්ණ තීන්දුව හෙට (15) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය පසුගිය ඔක්තෝබර් මස 4 වැනිදා නියෝග කළ අතර එලෙස පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට බලපෑ හේතු පසුව ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කරන ලදි.

ඒ අනුව මෙම පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට බලපෑ හේතු ඇතුළත් සම්පූර්ණ තීන්දුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් හෙට දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබුණා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්