නවතම පුවත්

පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් ඝාතනය බන්ධනාගාර‍ ලොක්කෙකුගේ කොන්ත්‍රාත්තුවක්

අසංක

අසංක

බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිළිණ රුවන් ජයරත්න ඝාතනය කර ඇත්තේ බන්ධනාගාරයේම ඉහළ නිලධාරියකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව බවට ආරංචි මාර්ග පවසයි.

එම නිලධාරියාගේ කොන්ත්‍රාත්තුවට අනුව දකුණේ නමගිය පාතාල කල්ලියක් වන පොඩි ලැසීගේ කල්ලිය විසින් මෙය සිදු කර ඇති බවට විමර්ශන කණඩායම්වලට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

එම පාතාල කල්ලියේ ප්‍රබලයා වන පොඩි ලැසී නමැත්තා මේ වනවිට සැකකරුවකු ලෙස ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියි.

මිනිස් ඝාතන 20කට අධික සංඛ්‍යාවකට වගකිවයුත්තකු වන පොඩි ලැසී ගාල්ල බන්ධනාගාරය තුළ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවයි.

එමෙන්ම ඔහු කප්පම්ගැනීම්වල නිරතව සිටින බවටත් බුද්ධි අංශ සඳහන් කරයි.

ඒ සඳහා ගාල්ල බන්ධනාගාරයේ දූෂිත ඉහළ නිලධාරියකුගේ සහය ලැබෙන බවටත් මේ වනවිට බලධාරීන්ට දැනුම් දී තිබේ.

එකී නිලධාරියාගේ දූෂිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා තොරතුරු හෙළිකිරීමට සූදානමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇත.

මේ සම්බන්ධයෙන් ද විමර්ශන කණඩායම්වලට තොරතුරු ලැබෙමින් ඇතැයි සඳහන් වේ.

ඝාතනයට ලක්වූ ප්‍රධාන ජේලර්වරයා කලක් ගාල්ල බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස සේවයේ නිරතව සිට ඇත.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පොලීසිය විසින් කළ වැටලීමකදී හෙරොයින් තිප්පොළක සිටියදී මොහු පොලීසියට හසුව තිබේ.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩ තහනමට ද ලක්ව මාස කීපයකට පෙර සේවයේ පිහිටුවා ඇත.

එම අවස්ථාවේදී ඔහු අදාළ ඉහළ බන්ධගාරයේ නිලධාරීන් සම්බන්ධව තොරතුරු හෙළිකර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා