නවතම පුවත්

පූජිතගේ දිවුරුම් ප්‍රකාශයේ තීන්දුව අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනුකර ඇති දිවුරුම් ප්‍රකාශය පිළිගන්නේ ද නැද්ද යන නියෝගය අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට අදාල දිවුරුම් ප්‍රකාශය අසත්‍ය පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති බැවින් එය වහා ඉවත් කිරිමට නියෝග කරන ලෙස නීතිපති, ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබුණි.

සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ එම පෙත්සම් සලකා බැලූ අතර අදාල විරෝධතාව පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.

එම දිවුරුම් ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ විරෝධතාව ලිඛිතව අධිකරණයට සහ පූජිත් ජයසුන්දර මහතාගේ නීතිඥවරයාට ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබුණි.
 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා