පෘථිවියේ පැවැත්මට මනා සහයෝගීතාවයෙන් එක්ව වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ජාතීන්ගෙන් ඉල්ලීමක් කරසිතේ සිටී .
ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදුකලේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහිදී ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින්ය .
ගල් අගුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බවද ජනාධිපතිවරයා එහිදී පැවසුවේය .
දේශගුණික විපර්යාස සියලු ජාතීන්ට බලපාන නමුත් සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට අසමාන ලෙස බලපාන බව ඒ මහතා මෙහිදී පැවසීය .
දේශගුණික විපර්යාස අවම කිරීම සහ අනුවර්තනය වීම සඳහා නිර්භීත පියවර ගන්නා සංවර්ධනය වෙමින් පවතින ජාතීන්ට පුළුල් සහයෝගය ලැබිය යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් වැඩිදුරටත් සඳහන් කළේය