නවතම පුවත්

කොවිඩ් A.30 ප්‍රභේදය දැනටමත් ලෝකෙන් වඳවෙලා – අනවශ්‍ය බයක් එපා

අසංක

අසංක

දැනට පවතින දත්ත වලට අනුව කොවිඩ්-19 වෛරසයේ A.30 ප්‍රභේදය දැනට ගෝලීය මට්ටමින් ව්‍යාප්ත නොවන බව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැතැයි ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

A.30 කොවිඩ් ප්‍රභේදය එන්නත් ‍2ක් මඟහරින බවට සොයාගත් ජර්මානු පර්යේෂකයන්ගේ අධ්‍යයන වාර්තාව උපුටා දක්වමින් ඔහු‍ පෙන්වා දෙන්නේ මෙම ප්‍රභේදය දැනටමත් වඳ වී ගොස් ඇති බව ය.

GISAID දත්ත ගබඩාවේ තැන්පත් කර ඇති ජෙනෝම 4.5කට වැඩි ප්‍රමාණයක් අතරින් A.30 පරම්පරාවට අයත් වන්නේ 5ක් පමණි.

ඒ ඇන්ගෝලාවේ තුනක්, ස්වීඩනයේ එකක් සහ එක්සත් රාජධානියේ එකක් වන නමුත් අවසන් ඒවා සොයාගෙන ඇත්තේ ද 2021 මැයි සහ ජුනි මාසවල දී බව ආචාර්යවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් පරීක්ෂණ ධාරිතාව සීමා සහිත සමහර ස්ථානවල එය හඳුනා නොගෙන යා හැකි අතර මේ අනුව එන්නත් මඟහරින අලුත් ප්‍රභේද ඇතිවිය හැකිය. එබැවින් පර්යේෂණ නිරන්තරයෙන් සිදුකිරීම අත්‍යාවශ්‍ය ය.

එන්නත් ගැනීම කොවිඩ් සඳහා හොඳම විකල්පය වන බවට තවදුරටත් තහවුරු කරගත යුතු අතර මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති නමුත් අඛණ්ඩ අධීක්ෂණය මගින් අලුත් ප්‍රභේද හා පැතිරීම වෙනස්වීම පිළිබඳ සොයාගත ගැනීම තුළින් කොවිඩ් පාලනය කළ හැකි බව ද ආචාර්වරයා අවධාරණය කර සිටී.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්