නවතම පුවත්

පෙබරවාරියේ මෙරට නිෂ්පාදන හා සේවා ඉහළට

අසංක

අසංක

එළැඹෙන උත්සව සමය හේතුවෙන් ඉදිරි මාස තුන තුළ මෙරට තුළ නිෂ්පාදන අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

එහි නවතම වාර්තාවට අනුව නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 56.0ක් වාර්තා කර ඇත්තේ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමිනි.

මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ දක්නට ලැබුණු ඉහළ යෑම හේතු වි ඇත.නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම සඳහා ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය ප්‍රධාන වශයෙන් දායක විය.

මෙහිදී, එළඹෙන උත්සව සමයේ අපේක්ෂිත ඉල්ලුම සඳහා සිය නිෂ්පාදන සුදානම් කරමින් පවතින බව බොහෝ ප්‍රතිචාර දක්වන්නන් සඳහන් කරන ලදී.

කෙසේ වුවද, රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයේ නව ඇණවුම් සහ නිෂ්පාදන පෙර මාසයට සාපේක්ෂව අඩු විය. මේ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑමට සමගාමීව සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් ද ඉහළ යන ලදී.

තවද, නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ යාම සහ රතු මුහුදේ නැව් ගමනාගමනයට තවදුරටත් සිදුවන බාධා හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙබරවාරි මාසයේ දී ද ඉහළ යන ලදී.

සේවා අංශයෙහි, ව්‍යාපාර ක්‍රියාකාරකම් දර්ශකය, ගෙවුණු පෙබරවාරි මාසයේ දී දර්ශකාංක 53.0ක් වාර්තා කරමින් සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

ව්‍යාපාර ක්‍රියාකාරකම්වල මෙම වර්ධනය සඳහා උප අංශ කිහිපයක වාර්තා වූ වර්ධනයන් හේතු වි ඇත.ඒ අනුව, වෙළඳපොළේ පවත්නා අඩු පොලී අනුපාතවලට සමගාමීව මූල්‍ය සේවා උප අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් තවදුරටත් ඉහළ ගොස් ඇත.

ප්‍රවාහන සහ අධ්‍යාපන යන උප අංශවල ද ධනාත්මක වර්ධනයන් පෙබරවාරි මාසය තුළ වාර්තා විය.

මේ අතර, 2020 ජනවාරි සිට වාර්තා වූ ඉහළම සංචාරක පැමිණීම්, 2024 පෙබරවාරි මාසයේ දී වාර්තා වීම මධ්‍යයේ නවාතැන් හා ආහාර පාන සැපයීමේ සේවා උප අංශය අඛණ්ඩව වර්ධනය විය.

සේවා අංශයේ නව ව්‍යාපාර පිළිබඳව සලකා බැලීමේ දී, ප්‍රධාන වශයෙන්, ප්‍රවාහන සහ මූල්‍ය සේවා යන උප අංශ වල ඉහළ යෑම් සමඟ පෙබරවාරි මාසයේ දී නව ව්‍යාපාර ඉහළ ගියේය.

එළඹෙන උත්සව සමයට සමගාමීව සමාගම් කිහිපයක් විසින් සිදු කරන ලද නව බඳවා ගැනීම් හේතුවෙන් සේවා නියුක්තිය පෙබරවාරි මාසයේ දී ඉහළ ගියේය. මේ අතර, නිමකිරීමට නියමිත කාර්යයන් ද අඛණ්ඩව පහළ ගිය බව මහබැංකුව කීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්