නවතම පුවත්

වැඩිම ජලභීතිකා මරණ ගම්පහින් වාර්තා වෙයි

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

සුනඛ සපාකෑම් සඳහා ප්‍රතිකාර ගැනීමට 201,854 දෙනෙක් 2021, 2022 සහ 2023 යන වසර තුන තුළ රජයේ රෝහල්වලින් ප්‍රතාකාර ගැනීමට පැමිණ ඇති බව සංඛ්‍යා දත්ත අනාවරණය කරයි.

මේ කාලය තුළ සුනඛයින් සපාකෑම්වලට ලක්වූවන්ගෙන් 69 දෙනෙකු ජල භීතිකාව වැළඳීමෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය හා පශු වෛද්‍ය සේවා අංශය සඳහන් කරයි.

මෙම මරණ සිදුව ඇත්තේ 2021 වසරේ 25 දෙනෙක්, 2022 වසරේ 28 දෙනෙක් සහ 2023 වසරේ 16ක් වශයෙනි.

මේ හැරුණු කොට 2020 වසරේ 31දෙනෙක්, 2019 වසරේ 26 දෙනෙක්, 2018 වසරේ 25 දෙනෙක් වශයෙන් පුද්ගලයින් තවත් 82 දෙනෙක් මියගොස් ඇත. ඒ අනුව 2023 ත් 2018 ත් අතර වසර 06ක කාලය තුළ ජලභීතිකා රෝගයෙන් මියගොස් ඇති පුද්ගලයින් ගණන 151 දෙනෙකි.

මෙසේ සුනඛ සපාකෑම් මගින් ජල භීතිකාව වැලදී වැඩි පිරිසක් මියගොස් ඇත්තේ බස්නාහිර පළාතිනි. ඒ අතරින්ද ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජලභීතිකා මරණ වැඩිය.

දෙවැනි තැනට වැඩිම ජල භීතිකා මරණ ගණන වාර්තා වී ඇත්තේ උතුරු පළාත තුළය. උතුරු පළාතේත් වැඩිම ජල භීතිකා මරණ සිදුව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය තුළය.

2021 වසරේ 65,773ක්, 2022 වසරේ 66247ක් සහ 2023 වසරේ 69,834 ක් වශයෙන් සුනඛ සපා කෑම්වලට ප්‍රතිකාර ගැනීමට රජයේ රෝහල්වලට පැමිණ ඇතත් සුනඛයින් සපා කෑම්වලට ලක්වන සෑම පුද්ගලයෙක්ම රජයේ රෝහල්වලට නොපැමිණෙන බැවින් මෙම ගණන තවත් දෙතුන් ගුණයකින් ඉහළ අගයක් ගනු ඇතැයි තක්ෂේරු කරයි.

ජල භීතිකා රෝගය පාලනය කිරීමට සුනඛයින් එන්නත් කිරීම තුළින් 2022 වසර තුළ දඩාවතේ යන සුනඛයින්116,999ක් සමඟ 1,183,126ක් එන්නත්කර ඇත.

2021 වසරේ දඩාවතේ යන සුනඛයින් 142,051ක් සමඟ සුනඛයින් 1,150,918 දෙනෙක් එන්නත්කර තිබේ. එසේම 2020 වසර තුළ දඩාවතේ යන සුනඛයින් 104,712 දෙනෙක් ඇතුළුව සුනඛයින් 1,237,257 දෙනෙක් එන්නත්කර ඇත. 2019 වසරේදී දඩාවතේ යන සුනඛයින් 59,749 දෙනෙක් ඇතුළුව සුනඛයින් 894,130 දෙනෙක් එන්නත්කර ඇත.

එසේම දඩාවතේ යන සුනඛයින්ගේ ගහනය පාලනය කිරීමට වන්ද්‍යාකරණ වැඩසටහන යටතේ 2022 වසරේ සුනඛයින් 30,562 ක්, 2021 වසරේ සුනඛයින් 45,707 දෙනෙක්, 2020 වසරේ 38,349ක් සහ 2019 වසරේ 56,662ක් වශයෙන් සුන්‍යයින් ව්‍යන්ධිකරණය කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්