පොලිස් ‍ලොක්කෝ කිහිපදෙනකුට හදිසි මාරු

Picture of අසංක

අසංක

වහාම ක්‍රියාත්මක වන පරිදි උසස්‌ පොලිස්‌ නිලධාරීන්‌ කිහිපදෙනකු වෙත මාරුවීම්‌ ලබාදී තිබේ.

ඒ, රාජ්‍ය සේවා කොමිෂන්‌ සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශ
ලේකම්වරයාගේ අනුමැතිය පරිදි ය.

ඒ අනුව කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ වැඩ බැලූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අයි.ඩබ්ලිව්‌. බී. ජී. ආර්‌. කන්දෙවත්ත මහතා එම කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරීයා ලෙස ස්ථාන මාරුකර තිබේ.

ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සිටි සහකාර පොලිස්‌ අධිකාරී බී. එම්‌. එස්‌. බී. නවරත්න මහතා කෑගල්ල කොට්ඨාසය වෙත මාරුකර යවා ඇත.

ඊට පෙර, රඹුක්කන ප්‍රදේශය භාර පොලිස්‌ අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස්‌ ස්ථානාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ප්‍රදේශයෙන්‌ පිටතට ස්ථානමාරු කෙරිණි.