පොලීසියත් හොල්මන් කළ SSPට ලැබෙන තෑග්ග

Picture of අසංක

අසංක

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාට විශේෂ උසස්වීමක් ලෙස නියෝජ්‍ය පොලිස්පති තනතුර පිරිනැමීමට යාමක් සම්බන්ධයෙන් පොලීසිය අභ්‍යන්තරයේ විරෝධතාවක් ගොඩනැගී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි අයි.එච්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයාව සිටි පී. දිසානායක රු. කෝටි 02ක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම වෙනුවෙන් එම උසස්වීම ලබාදීමට නියමිත බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

චන්ද්‍රසිරි මහතා ඇතුළු අල්ලස් කොමිසමේ පොලිස් නිලධාරීන් 7 දෙනකුගේ නම් උසස්වීම් සදහා ජාතික පොලිස් කොමිසමට මේ වනවිටත් යොමුකර තිබේ.

ඊට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ලැබී ඇති බව අනාවරණය කළේය.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරිවරයකු විශේෂ උසස්වීමක් ලෙස නියෝජ්‍ය පොලිස්පති තනතුරට මෙතෙක් උසස් කර නැතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

ඉහළ දේශපාලන ඉල්ලීමක් මත මෙම උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව පොලීස් දෙපාර්තමේන්තුව තුළ මේ වනවිට දැඩි කතාබහකට ලක්ව ඇත.

ගයාන් කුමාර වීරසිංහ