දම්පත් රණසිංහ
මෙසේ උසස් වීම් ලැබී ඇත්තේ මෙතෙක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් ලෙස සේවය කරමින් සිිටි රේණුකා ජයසුන්දර, නිශානි සෙනෙවිරත්න සහ පද්මිණී වීරසූරිය යන නිලධාරිනියන් තිදෙනාට ය. මීට පෙර ශ්‍රී ලංකා පොලීසියේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස උසස්වීම් ලැබූ බිම්ශානි ජාගොඩආරච්චි මහත්මියද සමග දැන් ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරියන් සිව් දෙනෙක් සිටින්නීය.
නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පත්කර ඇත්තේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය භර පොලිස් ප්‍රධානියා ලෙසය. පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කර්යාංශය මෙතෙක් පැවතියේ අපරාධ අංශය භර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේය. ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයට වෙනම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් එහි ප්‍රධානියා ලෙස පත්කරනුයේ පළමු වරටය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අංශයේ පළමු කාන්තා අධ්‍යක්ෂවරිය ලෙස සේවය කළ නියෝජ්‍ය පොලිස්පති පද්මිණි වීරසූරිය මහත්මිය පත්කර ඇත්තේ ඇය දැනට සේවයේ නිරතව සිටින පොලිස් සුබසාධන අංශයම භාර පොලිස් ප්‍රධානියා ලෙසින්ය.
නියෝජ්‍ය පොලිස්පති නිශානි සෙනෙවිරත්න මහත්මිය පත්කර ඇත්තේ පොලීසියේ සැළසුම් හා සංවර්ධන අංශයේ ප්‍රධානියා ලෙසිණි. එහි අධ්‍යක්ෂකවරිය ලෙස මෙතෙක් සේවය කරනු ලැබුවේ නියෝජ්‍ය පොලිස්පතිධුරයට උසස්වීම් ලද රේණුකා ජයසුන්දර මහත්මියයි. ඇය මෙම උසස්වීම ලබන විට රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියක් ලෙස කටයුතුකරමින් සිටියාය.