නවතම පුවත්

පොලිස් කොමිසමේ ඉන්න NGO ලොක්කෙක් උසස්වීම් නොදී නිලධාරීන්ගෙන් පළිගනී

අසංක

අසංක

දම්පත් රණසිංහ

රාජ්‍ය නොවන සංවිධානයක ඉහළ තනතුරක් දරමින් සිටින ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයකු විසින් තම එන්ජීඕ කටයුතු සඳහා නොපැමිණෙන පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් කප්පාදු කරමින් සිදුකරන පළිගැනීම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අතර දැඩි කතාබහක් මතුව තිබේ.

පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලංකා රාජිනි මහත්මියට ජේෂ්ඨ පොලිස් අධිකාරි ධුරයේ උසස්වීම් පවා ලබා නොදී සිරකරගෙන සිටින්නේ එම තැනැත්තාගේ වුවමනාවට බව ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ වෙත පොලිස් දෙපාර්තමේන්තුවේ තොරතුරු අනාවරණය කළේය.

ලංකා රාජිනි මහත්මියට පොලිස් කොමිසමේ සාමාජිකයාගේ එන්ජීඕ සංවිධානයේ වැඩසටහනකට පැමිණෙන්නැයි ආරාධනාවක් ලැබී තිබේ.

නමුත් ඉහළ පොලිස් නිලධාරීන්ගේ අවසරය නොලැබුණු බැවින් ඇය ඊට සහභාගි වී නැත.

ඒ ගැන උරණ වූ කොමිසමේ සාමාජිකයා පවසා ඇත්තේ ‘ඇය ගැන බලාගන්නම්’ යැයි කියාය.

සෙසු පොලිස් නිලධාරිනියන් 8 දෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට උසස්වීම් ලබාදුන් විට ඇය තම උසස්වීම සිදුනොවුණේ මන්දැයි විමසා තිබේ.

එහිදී ඇය ලද පිළිතුර වූයේ ඇයට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.

කොමිසමේ එන්ජීඕ සාමාජිකයා පවසා ඇත්තේ එදා රැස්වීමට සහභාගි නොවූ නිසා උසස්වීම් නොදුන් බවය.

උසස්වීමක් ලබානොදීමට නම් අදාළ නිලධාරියාට එරෙහිව චෝදනා පත්‍රයක් හෝ ඉදිරිපත් කළ යුතුය.

නමුත් එවැනි චෝදනා පත්‍රයක් හෝ ඉදිරිපත් නොකොට සිදුවෙමින් ඇති පරීක්ෂණයක් හෝ නොමැතිව පොලිස් කොමිසමේ එන්ජීඕ ලොක්කා මෙම උසස්වීම රඳවා ගෙන සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්