පොලිස් රෝහලේ මහ පුටුවටත් කාන්තා පොලිස් නිලධාරිනියක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා පොලිස් රෝහලේ අධ්‍යක්ෂක ධුරයට කාන්තා නිලධාරිනියක් පත් කිරීමට ජාතික පොලිස් කොමිසමේ අවධානය යොමුව තිබේ.

පොලිස් රෝහලේ සිදුවන බව කියන අක්‍රමිකතා පාලනය කර පොලිස් රෝහල ඉහළ තලයකට රැගෙන ඒම අරමුණුකර ගනිමින් කාන්තා නිලධාරිනියක් පත් කිරීමට තීරණය වූ බව පොලිස් කොමිසමේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරීවරියක් වන මදාරා ආරියසේන මහත්මිය බොහෝ විට පොලිස් රෝහල් අධ්‍යක්ෂධුරයට පත් කෙරෙනු ඇතැයි ද එම නිලධාරියා කීය.

ඇය මේ වන විට සේවයේ නිරතව සිටින්නේ පොලිස් බුද්ධි අංශයක් වන විශේෂ විමර්ශන ඒකකයේ පරිපාලන නිලධාරිනිය සහ බස්නාහිර පළාත් භාර බුද්ධි ප්‍රධානියා ලෙසිණි. ඇය සහකාර පොලිස් අධිකාරීවරියක් ලෙස පොලිස් සේවයට එක්වූ තැනැත්තියකි.