පොලී අනුපාත පහළට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 9.00% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 10.00% දක්වා පදනම් අංක 100කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය 2023 ඊයේ ( 23) දින පැවති රැස්වීමේදී ය.

ආර්ථිකයට එහි විභව නිමැවුම් මට්ටමට ළඟා වී එම මට්ටමේ ස්ථායී වීමට සහාය වෙමින්, මැදි කාලීනව උද්ධමනය ඉලක්කගත 5%ක මට්ටමට ළඟා කර ගැනීමේ හා පවත්වාගෙන යෑමේ අරමුණින්, දේශීය හා ගෝලීය ආර්ථිකයේ වත්මන් සහ අපේක්ෂිත ප්‍රවණතා පිළිබඳ මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.