නවතම පුවත්

පොහොට්ටු ආධාරකරුගේ මරණය ගැන කොන්දොස්තරලා දෙදෙනෙක් අත්අඩංගුවට

අසංක

අසංක

දම්පත් රණසිංහ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ගණේමුල්ලේදී ඉකුත් 02 වෙනිදා පැවැති රැස්වීමකට සහභාගිවී මුදුන්ගොඩ පිහිටි සිය නිවසට යමින් සිටියදී ගම්පහ මිරිස්වත්තේ පදිකවේදිකාවක් මත තුවාල සහිතව වැටී සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය එම පක්ෂයේ දේශපාලන ආධාරකරුගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලික බස් රථ දෙකක කොන්දොස්තරවරුන් දෙදෙනක් අත්අඩංගුවට ගත් බව යක්කල පොලීසීය අද 07 සදහන් කළේය.

එසේ මියගොස් ඇත්තේ පී.හෙක්ටර් නැමැති හැටපස් වියැති අයෙකි. ගණේමුල්ලේ පැවැති රැස්වීමට සහභාගිවීමට ගොස් ඇත්තේ තවත් පිරිසක් සමගිනි. රැස්වීම අවසානයේ මුදුන්ගොඩ පිහිටි නිවසට යාමට ගණේමුල්ලෙන් ඔහු ගොඩවී ඇත්තේ පැමිණි බස් රථයටම බව පොලීසිය සදහන් කරයි.

බීඹත්ව සිටි බැවින් මෙම පුද්ගලයාට නින්ද ගොස් තිබී ඇති බවත් ඔහුට මුදුන්ගොඩින් බස් රථයෙන් බැසීමට නොහැකි වී ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ. බස් රථයේ සිටි මේ පුද්ගලයාව කොන්දොස්තරවරයා දැන ඇත්තේ සියළු දෙනාම බස්සවා මිරිස්වත්තේදී බස් රථය ගාල් කිරීමට රැගෙන යමින් තිබියදීය. බස් රථය ඒ වන විට පදවා ඇත්තේද කොන්දොස්තරවරයාය.

මිරිස්වත්ත හංදියේදී මෙම පුද්ගලයාව ඇහැරවා බස් රථයෙන් බිමට බස්සවා ඇති කොන්දොස්තරවරයා ඔහුව මාර්ගයේ ගමන් කළ වෙනත් බස් රථයකට ගොඩකර තිබෙන බවත් එම අවස්ථාවේදී එම බස් රථයේ පාපුවරුවෙන් ඔහු බිම ඇද වැටී ඇති බවත් අත්අඩංගුවට ගත් කොන්දොස්තරවරුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත. එහිදී කොන්දොස්තරවරු දෙදෙනා කර ඇත්තේ බස් රථයෙන් බිමට වැටී තුවාල ලබාසිටි එම පුද්ගලයාව රෝහල්ගතරකරනවා වෙනුවට පදිකවේදිකාව මත දමා යාම බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

ඊට සුළු මොහොතකට පසු මාර්ගයේ ගමන් කල වෛද්‍යවරයෙක් පදික වේදිකාවේ වැටී සිටි මෙම පුද්ගලයාව දැක 1990 ගිලන්රථ සේවයට දුරකතන ඇමතුමක් දෙමින් ඔහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් අසාධ්‍ය තත්වයේ පසුවූ ඔහුව ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබුණු බවත් එම නිලධාරියා පැවැසීය. 03 වෙනිදා එම පුද්ගලයා මියගොස් ඇත්තේ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීය.

මියගිය පුද්ගලයාට පහරදී ඝාතනය කිරීමක් බවට තැලීම් තුවාල හේතුවෙන් මුලින් සැක කලද කොන්දොස්තරවරු අත්අඩංගුවට ගැනීමෙන් පසු අනාවරණය වූ තොරතුරුවලින් පෙනී යන්නේ වැටීමකින් එම තැලීම් තුවාල සිදුව ඇති බව යැයි පොලීසිය සදහන් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්