පොහොට්ටු-ශ‍්‍රීලනිප නව සන්ධානය මාර්තුවටත් කලින්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය ලබන මාර්තු මාසය අවසන්වීමට පෙර පිහිටුවීමට හැකිවනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක ප්‍රකාශ කර සිටී.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර ඊයේ (22) රාති‍්‍රයේ පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියේය.

නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් කිරිම සදහා ඊයේ (22) දින විශේෂ කමිටුවක් පත් කළ බවද එස්.බී දිසානායක මන්ත්‍රීවරයා මෙහිදී පැවසුවේය.

පැතුම් වික්‍රමරත්න