පෝට් සිටියට ඡන්දෙ දුන් රිෂාද්ගේ මන්ත්‍රීලා දෙදෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා

acmc
Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා‍ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

කොළඹ වරාය නගර පනත් කෙටුම්පත සම්මත කරගැනීමේ ඡන්දයේදී ඊට පක්ෂව ඡන්දය දීම ඊට හේතුවයි.

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් යන දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත.

රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු බාරයේ රදවා සිටියි.