නවතම පුවත්

පෞද්ගලික අංශ කිසිඳු සේවකයෙක් ඉවත් නොකරන බවට රජයට පොරොන්දුවක්

අසංක

අසංක

කිසිදු පෞද්ගලික අංශයේ සේවකයකු රැකියාවලින් ඉවත් නොකරන බවට ආයතන හිමිකරුවන් රජය වෙත පොරොන්දුවක් ලබාදී ඇතැයි කම්කරු සබඳතා අමාත්‍යාංශය සඳහන් කර සිටී .

එසේම යම්කිසි සේවක ප්‍රමාණයකට රැකියාවට පැමිණීමට ඉඩ නොලැබේ නම් ඒ සියලු දෙනාට තමන් පසුගිය කාලයේ ගත් වැටුපෙන් 50%කට ඉක්මවා නොයන, එසේ නොමැති නම් රුපියල් 14,500ක අවම මාසික වැටුපක් ගෙවීමට ආයතන හිමිකරුවන් එකඟතාවය පළකර ඇත .

පෞද්ගලික අංශයේ ආයතනවල සේවකයන් කිසිවකු රැකියාවලින් ඉවත් නොකිරීමට මෙන්ම, නිෂ්පාදන කර්මාන්තශාලා සියල්ල යලි ආරම්භ කිරීමටද එම ආයතන හිමිකරුවන් එකඟතාවය පළකර ඇති බව අමාත්‍යංශය සඳහන් කර සිටී

රජය මඟින් ප්‍රකාශයට පත්කොට ඇති සෞඛ්‍ය නීති සීමාවල්වලට යටත්ව ඒ ආයතනවල නිෂ්පාදනය ආරම්භ කරන බවටද ඔවුන් රජය වෙත සහතික වී ඇතැයිද අමාත්‍යංශය මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්