නවතම පුවත්

පෞද්ගලික – රාජ්‍ය ආයතනවල ජෙනරේටර්වලින් විදුලිය ගන්න යයි

Roshan

Roshan


පැතුම් වික්‍ර්‍රමරත්න

රට තුළ මේ වන විට පවතින තත්ත්වය සලකා පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල අතිරේකව ඇති විදුලි ජනන යන්ත්‍ර හෙවත් ජෙනරේටර්ස් භාවිත කර විදුලි උත්පාදනය කර ජාතික පද්ධතියට එක් කිරීම වඩා යෝග්‍ය බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

රට තුළ එලෙස ඇති විදුලි ජනන යන්ත්‍රවලින් මෙගාවොට් 3,000 ක විදුලි ධාරිතාවක් එකවර උත්පාදනය කිරීමට හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරින .

මේ වන විට පවතින විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව 2014 වසරේ සිට මේ දක්වා විදුලි උත්පාදනයට කිසිදු ප්‍රධාන සැලැස්මක් ක්‍රියාත්මක නොවීම බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි .

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ 2016 වසරේදී ඉදිරි වසර 20 වෙනුවෙන් සකස් කළ ජාතික විදුලි ජනන සැලැස්මේ නිර්දේශ පවා ක්‍රියාත්මක කර නොමැති බවය.

කඩිනම් ක්‍රියාමාර්ග නොගතහොත් පවතින තත්ත්වය තවදුරටත් තීවෘ විය හැකි බවත්, ඉන්ධන අර්බුදය උග්‍ර වුවහොත් තත්ත්වය මීට වඩා දරුණු වන බවත් ඊයේ පවතී මාධ්‍ය හමුවකදී  ඔහු පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්