නවතම පුවත්

බඩුටික දොරකඩට ගේන්න සුපර්මාකට්- තැපෑල එක්වෙයි

අසංක

අසංක

අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදාදීම සඳහා සියලු සුපිරිවෙළඳසැල් සහ ආයතන සමග එක්ව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

කොරෝනා වසංගත තත්වය හමුවේ ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට සහනයක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා පිහිටි තැපැල් ස්ථාන ඒකාබද්ධ කරමින්, තැපැල් දෙපාර්තමේන්තුව මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවේ .

ඒ අනුව, අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින්, සෞඛ්‍යාරක්ෂිතව පාරිභෝගිකයන්ට බාරදීම සඳහා වෙළඳ ආයතනවලට සිය සේවාව සමඟ එක්විය හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ සඳහා ළඟ ම පිහිටි තැපැල් කාර්යාලයට හෝ පහත සඳහන් දුරකතන අංක මගින් මූලස්ථාන මෙහෙයුම් ඒකකට ඒ බව දන්වන ලෙසද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සියලුම සුපිරි වෙළඳ සල්වලට හා ආයතන වලට දන්වා ඇත

නිලන්ති – 0718098700
දිනූෂ – 0714431624
චන්න – 0718194214
අනිල් – 0718194224
උත්පල – 0718807921
අස්මින් – 0761002005 (දමිල භාෂාව)

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්