නවතම පුවත්

බඩු මිල වැඩි නිසා ලෙබනනයේ මිනිස්සු

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලෙබනනයේ පවතින  ආහාර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එහි ජනතාව සිය ආහාර වේල් අතහැර දමමින් සිටින බව එරට වාර්තා පවසයි.  පසුගිය මාස කිහිපය තුළ ඉන්ධන හිඟය සහ මිල ඉහළ යාම හේතුවෙන් ආහාර අර්බුදය සැලකිය යුතු ලෙස උග්‍ර වි ඇත. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට අනුව, ලෙබනනයේ සිටින සිරියානු සරණාගතයින්ගෙන් 67% දැන් ආහාර වේල් අතහරිමින් සිටී.

ලෝක ආහාර වැඩසටහන ඇස්තමේන්තු කළේ වසර දෙකක කාලයක් තුළ ආහාර මිල සියයට 628 කින් ඉහළ ගොස් ඇති බවයි. ලෙබනනයේ ආර්ථිකය අඩාල වීමත් සමඟ එහි ජනගහනයෙන් හතරෙන් තුනක් දුගීභාවයට ඇද වැටී සිටිති. ලෙබනන් පවුම සියයට 90 කින් පමණ අවප්‍රමාණය වී ඇත.

ලෙබනනයේ රජය ජුනි මාසයේ සිට ක්‍රමයෙන් ඉන්ධන සහනාධාර ඉවත් කරමින් සිටි. එරට මාසයක් තුළදී පෙට්රල් මිල හතර ගුණයකින් වැඩි වී ඇත.

මේ අතර, ලෙබනනයේ විදුලි සැපයයුම ද විසන්ධි කිරීම්වලින් ගහන වීම නිසා රජයෙන් ලබා දෙන විදුලිය මුළුමනින්ම පාහේ අවම වී ඇත. මේ තත්ත්වය යටතේ පුද්ගලික උත්පාදක යන්ත්‍ර සඳහා මුදල් වැය වීම වැඩිවී ඇති අතර ඩීසල් ඉන්ධන මිලද ඉහළයාම අර්බුදය තවත් උග්‍ර කර ඇත.

ලෙබනනයේ ආර්ථික අමාත්‍යාංශය මේ සතියේ මුලදී නිවේදනය කළේ ඔවුන් මේ වසරේ හයවන වතාවටත් පාන් මිල ඉහළ නැංවූ බවයි. පෙට්රල් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් ද දේශීය මුදල් අවප්‍රමාණය වීම ද හේතුකොටගෙන ප්‍රවාහන ගාස්තු ද ඉහළ ගොස් ඇත.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට අනුව ලෙබනනයේ 36% ක පුළුල් ජනසංඛ්‍යාවක් දුප්පත්කමේ අන්තයටම ගොස් තිබේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි