නවතම පුවත්

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර  සේවයේ සිටි 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් ඒ මහතාගේ  බිරිඳ ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත .

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සුම් තුවාල සහිතව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ  හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ, බිරිඳගේ පියා අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඊට අමතරව දැරිය කොළඹට රැගෙන ආ ඩයගම ප්‍රදේශයේ පදිංචි තැරැව්කරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අය අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 72 ක රැඳවුම් නියෝගයක් ලබා ගෙන ප්‍රශ්න කිරීමට නියමිතව ඇත  ,

මෙම සිද්ධියට අදාළව විමර්ශන පැවැත්වූ බොරැල්ල පොලීසිය, කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකය සහ කොළඹ දකුණ ළමා හා කාන්තා කාර්යාංශය ඊට අදාළව ප්‍රකාශ 20 කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරගෙන ඇති බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා සඳහන් කළේ ය.

ඒ අනුව මේ සම්බන්ධ පූර්ණ විමර්ශනයේදී දැරිය කෘෘරත්වයට භාජනය කර ඇති බවත්, දැරිය කොළඹට රැගෙනවිත් කෘෘරත්වයට භාජනය කරමින් මෙහෙකාර සේවයේ යෙදවීම, තැනැත්තන් වෙළඳාම නමැති වරද සිදු කර ඇති බවට ත් අනාවරණය වී ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත පැවසීය

.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්