නවතම පුවත්

දෛනික කොවිඩ් රෝගීන් 1700 ඉක්මවයි – 4 වැනි රැල්ලේ ආරම්භයද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊයේ (22) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1721ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙරට දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව මෙසේ නැවතත් 1700 මට්ටම ඉක්මවා ගියේ පසුගිය  ජුලි 02 වනදාට පසු පළමු වරටය. ගතවූ සති තුනක පමණ කාලය තුළ එය පැවතියේ 1500 – 1400 වැනි තත්වයකය.

මෙය තවත් කොවිඩ් රැල්ලක ආරම්භයක් විය හැකි බවට වෛද්‍ය සංගම් කිහිපයක් අනතුරු අඟවා ඇතිඅතර මේ අවස්ථාවේ සංචරණ සීමා තවදුරටත් ලිහිල් නොකිරීමට රජය පියවර ගත යුතු බවද එම සංගම් අවධාරණය කර ඇත .

එසේම ජනතාවද තවදුරටත් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් කටයුතු කල යුතු බවද ශ්‍රී  ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කර ඇත

මේ අතර තවත් කොවිඩ් මරණ 42ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඊයේ නිවේදනය කර තිබිණි. ඒත් සමග මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3959ක් දක්වා ඉහළ ගොස් තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්