නවතම පුවත්

බදුල්ල පස්සර මාර්ගයේ නාය යාමක් – මාර්ගය වසා දමයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පස්සර-ලුණුගල  මාර්ගයේ   මිල්ලඔය පාලම අසළ නාය යාමක් සක්‍රිය වී ඇතැයි ආපදා කළමණාකරන බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පැවසීය .

එම මාර්ගයේ කි.මී. 161  සහ 162  කනු අතර මෙම නාය යාම සිදුවෙන බැවින් එම මාර්ගය වසා දමා තිබේ .

 මේ අතර මඩුල්සිම -පිටමාරුව මාර්ගයේ අම්බලම හන්දියේ නායයාමක් නිසා පස් හා කල් කඩාවැටී එම මාර්ගය රාත්‍රි සිට  අවහිරව තිබේ .

ආරක්ෂක පියවරක් ලෙස දුන්හිද පිවිසුම් මාර්ගයද නැවත දැනුම් දෙනතුරු  තාවකාලික වසා දැමිමට පියවර ගෙන තිබේ
රේන්දපොල – අඹේවෙල මාර්ගයේ කොටසක් නායගොස් විනාශ වීම නිසා එම මාර්ගයේ රථවාහන ධාවනය ද මුථමනින්ම නතරවී තිබේ .
 බදුල්ල – පස්සර  මාර්ගයේ  වේවැස්ස 6 කනුව සිට ගෝනගල දක්වා ස්ථාන රැසකද , බදුල්ල – මහියංගණය මාර්ගෙය් දුන්හිද මැද වංගුවේද , ඇල්ල- වැල්ලවාය මාර්ගයේ ස්ථානකිපයකද මාර්ගයට පස්කදු හා ගල් කඩාවැටීමේ අවදානමක් පවතින බැවින් විමසිලිමත්ව රිය පදවන ලෙසට පොලිසිය අවවාදකරයි .

මේ අතර පසුගිය දින තුනේ  පස්කදු කඩාවැටීම නිසා අවහිරවූ උඩරට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරීමෙන් පසු  (22) අද බදුල්ලේ සිට  දුම්රිය සේවාවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව  දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්