නවතම පුවත්

බන්ධනාගාර තදබදය උග්‍රවෙයි -බාගෙටත් වඩා මත්ද්‍රව්‍ය චූදිතයන්

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ගෙන් 52% ක පමණ ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සිරගතවූවන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය 26 වන විට බන්ධනාගර ගත රැඳවියන්ගේ සංඛ්‍යාව 30139ක් විය.

ඉන් 15,600 කට අධික ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වැරදී සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන් ය.

මේ අතරින් මත්ද්‍රව්‍ය වැරදි නිසා මරණ දණ්ඩනය හිමිවූ රැඳවුවන් සංඛ්‍යාව 38කි.

බන්ධනාගාර ගත රැඳවියන් සංඛ්‍යාව 1235 පමණ වේ.

මෙයින් 730ක් පමණ දෙනා මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූවන් වේ.

පසුගිය වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 වන දින වනවිට බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 26,176ක් වන අතර ඉන් 53%ක් ඒනම් රැඳවියන් 13,794ක් ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව බන්ධනාගාර ගත වූවන්ය.

මෙයින් 9,388ක් සැකකරුවෝ වෙති.

මෙම වසරේ මෙන්ම 2022 වසරේ බන්ධනාගාර ගත වන රැඳවූවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

ඉන් වැඩි ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාර ගතවූවන් බවද බන්ධනාගාර වාර්තා කියයි.

ලංකාවේ බන්ධනාගාර පද්ධතියේ රැඳවිය හැකි සිරකරුවන් ප්‍රමාණය 11,291ක් පමණ වේ.

මේ වන විට 28,000කට අධික රැඳවියන් පිරිසක් මේ වන විට රඳවා තැබීම නිසා බන්ධනාගාර තදබදයද උග්‍රවී ඇති බවට වාර්තා මගීන් පෙනී යයි.

පසුගිය වසරේ (2022) දෙසැම්බර් 31 දින වන විට බන්ධනාගාර ධාරිතාවය ඉක්මවා ඇති රැඳවි ප්‍රතිශතය 232%ක් බවද ඒම වාර්තා පෙන්වා දේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්