නවතම පුවත්

ආර්ථික අර්බුදයෙන් රෝගීන් 7%ක් බෙහෙත් ගැනීම අඩුකරලා

අසංක

අසංක

මෙරට සමස්ත පුද්ගලයන්ගෙන් කිසියම් හෝ රෝගාබාධයකට මුහුණ පා ප්‍රතිකාර ගනිමින් සිටින 29% කගෙන් රෝගීන් 7% ක් ශ්‍රී ලංකාවට බලපා ඇති දැඩි ආර්ථක අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස සිය ප්‍රතිකාර ක්‍රම වෙනස් කර ඇති බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

මෙම කාලපරිච්ඡේදය තුළ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් සෞඛ්‍ය ගැටලුවලට ගොදුරු වී ඇති නමුත්, ඉන් සැලකිය යුතු කොටසක් ආර්ථික ප්‍රශ්න නිසා සිය ප්‍රතිකාර ක්‍රම සකස් කරගන්නා බවට ‘ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ථ සමීක්ෂණය – 2023’ හි දත්ත මගින් අනාවරණය කරයි.

මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් පැන නගින සෞඛ්‍ය ආරක්ෂණ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා උපාය මාර්ග සැකසීමේදී ප්‍රතිපත්ති සම්පාදකයින්ට සහාය වෙමින්, ආර්ථික අර්බුදය, මිනිසුන්ගේ සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබාදීම වෙනුවෙන් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

ආර්ථික අර්බුදය, මිනිසුන්ගේ සෞඛ්‍ය තත්වය පවත්වාගෙනයාමට අතිවිශාල ලෙස බලපාන්නකි.

විරැකියාවට හෝ අඩු ආදායම්වලට මුහුණ දීමට සිදුවන පුද්ගලයන්ට අත්‍යාවශ්‍ය වන වෛද්‍ය ප්‍රතිකාර සහ රෝග නිවාරණ ප්‍රතිකාර ලබා ගැනීමේ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. එමෙන්ම මේ ආදායම් අඩුවීම හෝ නැතිවීම නිසාම පවුල් හෝ පුද්ගලයන් ව‍ශයෙන් ලබාගත යුතුම සෞඛ්‍ය සේවාවන්වල ප්‍රමාදයන් හෝ සේවා ලබානොගැනීම වැනි පියවරයන්ට එළැඹීම ‍වැළැක්විය නොහැකිය.

එසේ වුවද බරපතළම කරුණ වන්නේ, මුදල් හිඟකම හේතුවෙන් ලබාගත යුතුම වන අත්‍යාවශ්‍ය ඖෂධ සහ ප්‍රතිකාර ලබාගැනීම සීමා කිරීමෙන් පෙර පැවති සෞඛ්‍ය තත්ත්වයන් වඩාත් උග්‍ර වීමේ ඇති ඉඩකඩයි. එමගින් පසුකාලීනව සෞඛ්‍ය ගැටලු වඩාත් උග්‍ර අතට පත්වී දරුණු රෝගාබාධවලට මුහුණපෑමේ ඉඩකඩ පවා මතුවිය හැකිය. මෙය මුලදී සෞඛ්‍ය ගැටලු විසඳාගැනීමටත් වඩා විශාල මුදල් වැය වන තත්ත්වයන් ඇති කළ හැකිය.

ආර්ථික අර්බුදය හේතුවෙන් සිය ප්‍රතිකාර ක්‍රම වෙනස් කරගත් රෝගීන් අතරින් 35.1%ක් ප්‍රතිකාර කරන ස්ථානය වෙනස් කර ඇත.

මෙහිදී 33.9%ක් ඖෂධ භාවිතයට යොමු වූයේ තම රෝගය අසාධ්‍ය තත්ත්වයට පත් වූ විට පමණි.

මෙම සංඛ්‍යාලේඛන මගින් රෝගීන් මුහුණ දුන් ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර වශයෙන් ඔවුන්ගේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා ගත් විවිධ ක්‍රම, අවශ්‍යතාවය මත පදනම්ව ප්‍රතිකාර ක්‍රම, ඖෂධ සහ භාවිත රටාවන්හි වෙනස්කම් ඇතුළත් වේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් අභියෝගවලට මුහුණදෙන රෝගීන් තම සෞඛ්‍ය අවශ්‍යතා ඵලදායී ලෙස කළමනාකරණය කරගැනීම සඳහා විවිධ උපායමාර්ග භාවිත කර ඇත.

මෙම උපායමාර්ගවලට, ආර්ථික පසුබෑම නිසා ඇති වූ ගැටළු අවම කිරීම අරමුණු කරගත් විවිධ ප්‍රවේශයන් ඇතුළත් වේ.

අර්බුදය විසින් ඇතිකළ මුදල් ප්‍රශ්න කළමනාකරණය කිරීමේදී මෙම නව පියවර නිසා පුද්ගලයන්ට ඔවුන්ගේ අර්බුදයට අනුවර්තනය වීමට ඉඩ සලසයි.

ඔවුන්ගේ ප්‍රතිකාර ක්‍රම වෙනස් කළ රෝගීන් අතර සැලකිය යුතු බහුතරයක් එනම්, 81.7%ක් වාර්තා කළේ අරමුදල් ප්‍රමාණවත් නොවීම මෙම වෙනසට මූලික හේතුව බවයි.

ප්‍රතිකාර ක්‍රියා පටිපාටි වෙනස් කිරීම සඳහා වඩාත්ම වාර්තා වූ දෙවන සහ තුන්වන හේතු වූයේ ප්‍රවාහන ගැටළු සහ සේවා හෝ සම්පත් නොමැති වීමයි.

මූලාශ්‍රය –
ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ථ සමීක්ෂණය – 2023.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්