පැතුම් වික්‍රමරත්න
බෙහෙත් පෙති ඇතුළු නිෂ්පාදන රැසකට භාවිතා කරන කැල්සයිට් , නම් කාබනේට ඛනිජය මෙරටදීම නිශ්පාදනය කිරීමට තීරණය රජය තිරණය කර ඇත.
මේ සදහා බලංගොඩ කල්තොට කැල්සයිට් නිධිය යොදාගත හැකි බවත් මෙරට අවශ්‍යතාවය අනුව වසර 200 ක් තරම් කාලයකට අවශ්‍ය කැල්සයිට් එහි ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත පැවසීය .
බලංගොඩ කල්තොට කැල්සයිට් නිධියේ අඩංගු සම්පත් විධිමත් ලෙස භාවිතය සඳහා සියයට 100 ක්ම රාජ්‍ය ආයතනයක් වන භූ විද්‍යා හා පතල් කැණීම් තාක්ෂණික උපදේශන සමාගම වෙත පැවරීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා පැවැසුවේය.
සියලූම බෙහෙත් පෙති වර්ග නිෂ්පාදනයෙ දී කැල්සයිට් (කැල්සියම් කාබනේට්) භාවිතා කරන අතර ඊට අමතරව තීන්ත, දත් බෙහෙත්, තෙල් ගවේෂණය, කැනීම් කර්මාන්තය ප්ලාස්ටික්, දෘඩ පීවීසී පයිප්ප, තීන්ත, තීන්ත, කුඩු ආලේපනය සහ පිඟන් මැටි වෙල්ඩින් රොඞ්ස් වාහන සහ ගෘහ භාණ්ඩ සංයෝග. රබර් කර්මාන්තය සම් රෙදි කර්මාන්තය වැනි කර්මාන්ත සඳහා බහුලව කැල්සයිට් යොදා ගැනේ.
මේ වනවිට බලංගොඩ කැල්සයිට් නිධියේ කැණීම් මගින් හාරා පසෙක ගොඩ ගසා ඇති ටොන් 20,000ක් පමණ වන කැල්සයිට් තොගය පළමුවෙන්ම කැල්සයිට් පවුඩර් වලට හැරවීමට රුපියල් මිලියන 100ක වියදමින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත්ඇමතිවරයා සදහන් කළේය.