නවතම පුවත්

බලශක්ති සංරක්‍ෂණයට යෝජනාවලියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක බලශක්ති අර්බුදය හමුවේ පවතින තත්ත්වයන්ට තාවකාලික විසඳුම් දීමේ අරමුණින් අන්තර්ජාතික බලශක්ති ආයතනය විසින් යෝජනාවලියක් ප්‍රකාශයට පත් කර තිබේ. එමඟින් කරුණු කිහිපයක් පෙන්වා දී තිබෙන අතර ලෝක බලශක්ති අර්බුදය විසඳා ගැනීම වෙනුවෙන් මේ පියවර අනුගමනය කළ යුතු බවට එම ආයතනය පෙන්වා දී ඇත.

ඒ අනුව සතියට දින තුනක් නිවෙසේ සිට රාජකාරි කටයුතු ආරම්භ කිරීම, අධිවේගී මාර්ගවල ධාවන වේගසීමා පැයට කිලෝමීටර් 10කින් අඩු කිරීම, පොදු ප්‍රවාහනය භාවිත කිරීම ලාභදායී කිරීම, පා ගමනින් ඇවිදීම සහ පාපැදි දිරිමත් කිරීම, විශාල නගරවල මාර්ගවල පෞද්ගලික මෝටර් රථ වෙනුවට විකල්ප යෙදීම, ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා මෝටර් රථ තවත් අය සමඟ බෙදාගැනීම, භාණ්ඩ ප්‍රවාහන ට්‍රක් රථ සහ භාණ්ඩ බෙදා හැරීම සඳහා කාර්යක්ෂම රිය පැදවීම ප්‍රවර්ධනය කිරීම එම යෝජනාවලිය තුළ අන්තර්ගත වෙයි.

ඊට අමතරව හැකි සෑමවිටම ගුවන් යානා වෙනුවට අධිවේගී සහ රාත්‍රී දුම්රිය භාවිත කිරීම, විකල්ප පවතින ව්‍යාපාරික ගුවන් ගමන්වලින් වැළකීම සහ විද්යුත් හා වඩා කාර්යක්ෂම වාහන භාවිතය දිරිමත් කිරීම ද ඒ අතර වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්