ශ්‍රී ලංකාව තුල මේ දිනවල ” රුම්බා ” (rumba) නමින් හැඳින්වෙන, භයානක පරිගණක වෛරසයක් පැතිරයමින් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය සඳහන් කරයි.
අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන භාගත කිරීම් හරහා මෙම වෛරසය පරිගණකවලට ඇතුළු වන අතර මේ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්ම සිය ආයතනය වෙත දැනටමත් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය ප්‍රකාශ කර සිටී.
මෘදුකාංග භාගත කිරීම් (Download) මඟින් මෙම වෛරසය ප්‍රධාන ලෙසම ව්‍යාප්ත වන බවත් එම සංසදය අනතුරු අඟවා තිබේ.
මෙම වෛරසය පරිගණකයට ඇතුල් වි ඒ තුල ඇති ලියකියවිලි හා ඡායාරූප විනාශකරන බවට දැනට අනාවරණය වී ඇත.
මෙම තර්ජනයෙන් වැළකී සිටීමට නම් පරිගණකයේ මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම, හා ප්‍රතිවෛරස මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් සඳහන් කර සිටී.
පැතුම් වික්‍රමරත්න