බස්වලින් තෙල් අදින ජාවාරමට පොලීසියේ 2ක් ඇතුළු 4දෙනෙක් අත්අඩංගුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

මරදානේ බස් රථ ගාලකදී පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගේ මැදිහත්වීමෙන් කරගෙන ගිය ඉන්ධන ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් නිල බස්රථවල ඩීසල් පෞද්ගලික බස් රථවලට අලෙවි කිරීමේ ජාවාරම සිදුකර තිබුණේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු සහ තවත් පිටස්තර පුද්ගලයෙකුගේ එකතුවෙන් බව පැවසේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ තෙල් ලබා ගැනීමට සහය දුන් නෑබඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බවය.

මෙම සිදුවීමට සම්බන්ධ තවත් අයෙක් හඳුනාගෙන ඇතැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.