නවතම පුවත්

බහුතර සිංහල ඡන්දයෙන් ජයගත හැකි බව දැනසිටියා ජනාධිපති ගෝඨාභය රුවන්වැලි මහ සෑ අභියසදී කියයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) අනුරාධපුර රුවැන්වැලි සෑ මහ මළුවේදී ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙලෙස ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේයි.

ජනාධිපති ධුරය භාර ගැනීමේ නිවේදනය ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න විසින් ප්‍රකාශයට පත් කළා.

ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමට ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේ වැදපුදා අශීර්වාද ලබා ගත්තා.

දිවුරුම් දීමෙන් අනතුරුව ජනතාව ඇමතූ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා

මෙම ජයග්‍රාහණය බහුතර සිංහල ඡන්දවලින් ලබා ගැනීමට හැකි බව තමා මුල සිටම දැන සිටි බවයි. එහෙත් එම ජයග්‍රහණය සඳහා එක්වන ලෙස තමා දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් ද ඉල්ලා සිටි බවත් එය තමා අපේක්ෂා කළ මට්ටමට නොතිබුණු බවත් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළා.

එහෙත් දැන් එළඹ ඇත්තේ සියලු දෙනා එකතු වී රට සාර්ථකත්වය කරා රැගනෙ යන අවස්ථාව බවත්

සිය ගමනේ අයෝමය ශක්තිය වුයේ මෙරට පස්වන විධායක ජනාධිපති ලෙස කටයුතු කළ වත්මන් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා බවත් මේ මොහොතේ තමා ඔහුට සුබ උපන් දිනයක් වේවායි ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තූතියක් පළ කරන බවද සඳහන් කළා.

එමෙන්ම සිය පක්ෂයට සියලු ආකාරයෙන් ශක්තියක් වූ සියලු නිලධාරීන්ට, සාමාජිකයන්ට, සහ පාක්ෂිකයන්ටද ස්තූතිය පිරිනමන බවයි සඳහන් කළේ.

ජාතියක් වශයෙන් එකතු වී රට ගොඩ ගැනීමේ කාලය දැන් එළඹ ඇති බැවින් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට එකතු වෙන ලෙසත් රට වෙනුවෙන් තීරණ ගැනීමේදී විධායක බලතල භාවිතා කිරීමට කිසි විටෙකත් පසුබට නොවන බවත් සඳහන් කළා. සිය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි නව රජයක් පිහිටුවන බවද සඳහන් කළා.

මෙම අවස්ථාවට 5 වන විධායක ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයින් රැසක් එක්ව සිටියා. ත්‍රෛනිකායන් මහා සංඝරත්නය සහ අනෙකුත් ආගම්වල පූජකවරුන්ද මෙම අවස්ථාවට පැමිණ සිටියා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්