බ්‍රසීලයේ මේ වන විට ඉතාමත් වේගයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ
අඟහරුවාදා දිනයේ පමණක් ලෙස නව ආසාදිතයන් 35,000කට ආසන්න සංඛ්‍යාවක් එරටින් හඳුනා ගැනීමට හැකිවී තිබෙන බව
බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
දත්ත වාර්තා අනුව අඟහරුවාදා දිනයේ ආසාදිත අගය 34,918ක්, වන අතර එරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 923,189කි.
බ්‍රසීලයෙන් අවසන් වරට සැලකිය යුතු ආසාදිත වර්ධනයක් වාර්තා වූයේ පසුගිය මැයි 30දා වන අතර, එදින නව ආසාදිතයන් 33,274ක් වාර්තා විය.
මේ අතර ගෙවීගිය දිනයේ රට තුළ නව කොවිඩ් -19 මරණ 1,282ක් වාර්තා වී ඇති අතර,
දත්තවලට අනුව රටේ සමස්ත මරණ සංඛ්‍යාව 45,241ක් දක්වා ඉහළ ගොස් තිබේ.