බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ, නිදන්ගත ඉක්කා ගැසීමේ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇත.
දින 10 ක් තිස්සේ පැවතුණු මෙම තත්වයෙන් පසුව රෝහල්ගත කර ඇති බොල්සොනාරෝව සැත්කමකට ලක්කිරීමට නියමිත බව ද ඔහුගේ කාර්යාලය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත .
2018 වසරේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර ඔහු පිහි ඇනුම් ප්‍රහාරයකට ගොදුරු විය. බඩවැල් කැපී යාම සමග ඔහුගේ සිරුරෙන් 40%ක බරපතළ රුධිර වහනයක් ද මෙහිදී සිදුවූ අතර, එහි අතුරු තත්වයන් වශයෙන් අග්න්‍යාශයේ ආසාදනයක් මතු ව ඇතැයි සැක පළ කෙරේ.
රෝහල්ගත ව සිටින බොල්සොනාරෝගේ ජායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී ,
කෝවිඩ් වසංගතය මර්දනය කිරීමේදී පළකළ අසාර්ථකභාවය නිසා දැඩි මහජන අප්‍රසාදයකට බොල්සොනාරෝ මේ වන විට මැදිව සිටින අතර . පසුගිය මාසයේදී බ්‍රසීලයේ කෝවිඩ් මරණ ගණන 500,000 ඉක්ම ගියේය .
මෙම මරණ වලට බෝල්ඇසනාරෝ වගකිවයුතු බවට චෝදනා නගමින්ම එරට සිවිල්රි සංවිධාන කිහිපයක්කාම මේ වනවිට නඩු මගටද බැස ඇත