පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන පොලිස් ඒකකය විසින් අද උදෑසන හොරණදී යුධ හමුදාවේ කෝප්‍රල්වරුන් දෙදෙනකු සමග අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 45 ට අදාළ ජාවාරම මෙහෙයවා ඇත්තේ ඩුබායි සිට බව හෙළි වී තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ මේ ජාවාරම සිදු වූ බවට අනාවරණය වී ඇත.
ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවකු විසින් මෙය මෙහෙයවා ඇත.
මෙම මත්කුඩු තොගය කේඩීඑච් වර්ගයේ වෑන් රථයකින් යු.හ. (යුද හමුදාව) අංකයක් සහිතව ධාවනය කරවූවකි.
මෙම වෑන් රථය අයත්ව ඇත්තේ ඉඹුල්ගොඩ පදිංචි කාන්තාවකට වන අතර ඇය යුද හමුදාවට කුලී පදනම මත මෙය ලබාදී ඇත.
මෙම වෑන් රථය තිබී ඇත්තේ දඹුල්ල කදවුරට අනුයුක්තව ය. දඹුල්ලේ සිට පැමිණ අත්තිඩිය කදවුරෙන් ඉන්ධන ලබාගෙන මෙම වෑන් රථය අත්තිඩියේ සිට හෙරොයින් මත්කුඩු තොගය රැගෙන හොරණ බලා ගමන් කර ඇත.
මෙම වෑන් රථය බ්‍රිගේඩියර්වරයකුගේ භාවිතයට යුද හමුදාවෙන් නිදහස් කර තිබී ඇත.
වැටලීමේදී වෑන් රථයේ සිටි එක් කෝප්‍රල්වරයෙක් නිල ඇදුමින් සිට ඇති අතර අනෙක් කෝප්‍රල්වරයා නිල ඇදුම නොමැතිව ගමන් කර තිබේ.
එම නිල ඇදුමින් සිටි කෝප්‍රල්වරයා කොළඹ ත්‍රිපෝලි හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන අයෙක් බව අනාවරණය වී ඇත.