බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයක පැතිරිලා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන නව කොවිඩ් වෛරස ප්‍රභේදය  (B.1.1.7)  මෙරට ප්‍රදේශ කිහිපයකින් සොයා ගෙන ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ, කොළඹ, අවිස්සාවේල්ල, වව්නියාව, බියගම යන ප්‍රදේශවලින් ලබාගත් අහඹු නියැදිවලින් ඒ බව තහවුරු වූ බවය.

අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ, ජනවාරි මැද සිට පෙබරවාරි මාසය දක්වා පිටරටින් පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකුගේ ද සාම්පල ද ඇතුළුව සාම්පල 92ක් පරීක්ෂාවට ලක් කළ බවයි.

අනෙකුත් ප්‍රභේදවලට වඩා අවම වශයෙන් 50%ක වැඩි වේගයකින් මෙම වෛරස ප්‍රභේදය පැතිර යන බව ද ඔහු සඳහන් කළේ ය.