බ්‍රිතාන්‍යයේ වයස්ගත අය සති කිහිපයක්ම නිවසේ ඉන්න නියෝග

Picture of අසංක

අසංක

බ්‍රිතාන්‍යය තුල කොරෝනා වෛරසය ව්‍යාප්තියෙන් ආරක්‍ෂාවීමේ පියවරක් ලෙස ,එරට වයස 70 ට ඉහළ සෑම පුද්ගලයකුම එළඹෙන සති කිහිපය තුළ තම නිවසේ රැඳී සිටිය යුතු බවට බ්‍රිතාන්‍ය රජය යෝජනා කර ඇත.

මෙය නීතියක් ලෙස බල පැවැත්වීමට තවමත් අදහස් නොකරන මුත් ඉදිරියේදී ඒ පිළිබදවද අවධානය යොමු කරන බව එරට රජය අවධාරණය කර ඇත.

එය නීතියක් ලෙස බල පැවැත්වෙන තත්වයට පත්වූවහොත් එම නීතිය “බොහෝ කාලයකට” ක්‍රියාත්මක වනු ඇති බවද බ්‍රිතාන්‍යය රජයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පවසා ඇත.