බ්‍රිතාන්‍ය, අද දින රාත්‍රියේ දී නිළ වශයෙන්ම යුරෝපා සංගමයෙන් වෙන්වීමට නියමිතව ඇත.
ඒ අනුව බ්‍රිතාන්‍ය වේලාවෙන් අද රාත්‍රී 11 ට බ්‍රිතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීම සිදුවනු ඇත.
සිය සාමාජිකත්වයෙන් ඉවත් වීම සඳහා බ්‍රිතාන්‍ය ඉදිරිපත් කළ බ්‍රෙක්සිට් වැඩපිලිවෙලට පසුගියදා යුරෝපා සංගමයේ අනුමැතිය හිමිවූ අතර එම අවස්තාව උදාවූයේ වසර 4 කට අධික සංකීර්ණ ක්‍රියාවලියකින් අනතුරුවය.
ඒ අනුව රටවල් 28 සාමාජිකත්වයකින් යුත් යුරෝපා සංගමයෙන් වෙන්වන පලමු රට ලෙස බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක් වනු ඇති.
වෙන්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද රාත්‍රී 10 නිල ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.