නවතම පුවත්

අපේ අය ආවට බයවෙන්න එපා – චීන තානාපති

අසංක

අසංක

නව කොරෝනා වසංගතය පාලනය කිරීමේ හැකියාව තමන් සතු බවත් ඒ අනුව චීන ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් බිය විය යුතු නැති බවත් මෙරට චීන තානාපති කාර්යාලය අවධාරණය අවධාරණය කර සිටී.

වසංගත රෝග පාලන ජාලයක් දැනටමත් චීනයේ ස්ථාපිත කර ඇතැයිද ඒ අනුව චීන අලුත් අවුරුද්ද සැමරීම සදහා මව් රටට ගිය චීන ජාතිකයින් යළි ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන්ද ශ්‍රී ලාංකිකයන් බිය විය යුතු නැති බව නිවේදනයක් නිකුත් කරමින් එම තානාපති කාර්යාලව සඳහන්කර ඇත.

වෛරසයෙන්වැ ඩිම බලපෑමට ලක්ව ඇති වුහාන් නගරයෙන් පිටවීම සහ ඇතුළුවීම තාවකාලිකව නවතා ඇති බවද , ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ සේවයේ යෙදී සිටි හුබෙයි පළාතේ චීන සමාගම්වල සේවකයින්ට උපදෙස් දී ඇතැයිද මෙම නිව්ද්නයේ දැක්වේ.


එසේම චීනයේ වෙනත් පළාත්වලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ටද ශ්‍රී ලංකාවට පැමිණ අවම වශයෙන් දින 14ක නිරෝධායන කාලයක් ගත කරන ලෙස උපදෙස් දී ඇතැයිද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.


සියළු කණ්ඩායම් චාරිකා අත්හිටුවීමටද චීනය පියවර ගෙන ඇති බවත් නව කොරෝනා වෛරසය අසාධිත බවට සැක කෙරෙන පුද්ගලයින් රටින් පිටවීම වැළැක්වීම සදහා චීනයේ සියළු ගුවන් තොටුපොලවල සහ ප්‍රවාහන මධ්‍යස්ථානවල දැඩි පරීක්‍ෂණ සිදුවන බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්