තායිලන්තයේ බැංකොක් නුවර වායු දූෂණය හේතුවෙන් පාසල් 400ක් පමණ වසා දමන්නට සිදුවී ඇතැයි වාර්තා වේ.
බැංකොක් නුවර වායු දූෂණය මින් පෙර නොවූ විරූ තරම් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.
කර්මාන්තශාලා වලින් පිටවන දුම්, වාහන වලින් පිටවන දුම් බෝග කොටස් දහනය කිරීම, ඉදිකිරීම් වැඩබිමි වලින් විශාල වශයෙන් පිටවන දුම් ආදිය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇත.
කෙසේ වුවද වාතය පිරිසිදු කිරීමට බලධාරීන් දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ බවද සඳහන් වේ.
එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත අවුරුදු සැමරුම් උත්සව අවස්ථාවන්හිදී ගිනි කෙළි හෝ හඳුන්කූරු නොදල්වන ලෙස ජනතාව දැනුම්වත් කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි.