බැදුම්කර වංචාවට සම්බන්ධ නම හෙළිනොකළ විදෙස්ගත අයෙක් අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මෙතෙක් නම හෙළිනොකළ පුද්ගලයෙක් විදේශගතව සිටින බව අනාවරණය වී තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

ඊයේ දිනයේදී මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වූ පී. සමරසිංහ සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් ඇතුළු අධ්‍යක්ෂවරුන් තිදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබුණි.

දැනට සිංගප්මපූරුවේ සිටින බව පැවසෙන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීඹ සදහා එරට රජය වෙත විශේෂ ලිපිගොනු කිහිපයක් ද මෙරට රජය මගින් යවා තිබේ.

ඒ ඔහු අත්අඩංගුවට ගැනීම සදහා නිකුත් කරන ලද රතු වරෙන්තුවට අමතරවයි.