දම්පත් රණසිංහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී.සමරසිංහ මහතා හා පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්යක්ෂවරුන් තුන් දෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙනි.
මුත්තුරාජා සුරේන්ද්‍ර, චිත්‍රා රංජන් හුළුගල්ල සහ පුෂ්පමිත්ර ගුණවර්ධන යන පර්පෙචුවල් අධ්යක්ෂවරුන් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මීට ටික වේලාවකට පෙර ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව ශ්‍රී ලංකා මහබැංකුවේ සේවය කළ ප්‍රධානියෙක් අත්අඩංගුවට ගන්නා ලද පළමු අවස්ථාව මෙයයි.