නවතම පුවත්

මහඡන්දෙට ගම්මන්පිලගෙන් එළවළු ලැබෙන මනාප කාඩ් එකක්

අසංක

අසංක

ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් තම ඡන්ද ප්‍රචාරණය සඳහා පරිසර හිතකාමී, පැළ කිරීමට හැකි, එළවළු ඇට සහිත මනාප අංකය සඳහන් කළ කාඩ්පතක් භාවිත කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආක්‍රමණශීලී ශාක මගින් මෙම කඩදාසි නිපදවා ඇති බැවින් එමගින් ආක්‍රමණශීලී ශාකවලින් සිදුවන හානිය අවම කොට වස විසෙන් තොර එළවළු බෝග ලබාගැනීමේ අවස්ථාවද ජනතාවට උදා කරන බවයි.

එමෙන්ම එම කාඩ් පත මුළුමනින්ම එළවළු ඇට ඇතුලත් කොට නිර්මාණය කිරීම හේතුවෙන් ඒම කාඩ්පත පැළ කිරීම මගින් එළවළු බෝග ලබාගත හැකි බවද හෙතෙම අවධාරණය කළේය.

“ඉදිරි මැතිවරණයේදී මාගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා මනාප අංකය සඳහන් කාඩ්පත් මුද්‍රණය කරන්නේ ආක්‍රමණශීලි ශාඛවලින් නිපදවනු ලබන කඩදාසි යොදාගෙනයි. ඒ වගේම මෙම කඩදාසිය එලවළු බීජ අන්තර්ගත කර නිපදවා තිබෙන නිසා කාඩ්පත පැල කිරීමට පුළුවන්” යැයි හෙතෙම අද පැවැති මාධ්‍ය හමුවක දී අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්