නවතම පුවත්

බැසිල් හෙට දිවුරයි!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* මැතිසබේට පෙර කැබිනට්ටුවට
* මීළඟ ජනාධිපතිවරණයටත්
* ආ සැණින් ජනතාවට සහන
– බැසිල්ට ඉඩදී ගිය කැටගොඩ කියයිපැතුම් වික්‍රමරත්න/ ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩ වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හෙට (08) දිනයේදී බැසිල් රාජපක්ෂ මහතා  දිවුරුම් දෙන බව පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර  කාරියවසම් මහතා පැවැසීය.

ජයන්ත කැටගොඩ මහතා ඉවත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත භාරදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ කටයුතු කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායමක් මැතිවරණ කොමිසම වෙත පැමිණ එම ඉල්ලීම භාර දී තිබුණි.

අද(07) දිනයේදී මැතිවරණ කොමිසම රැස්වී බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඊයේ දිනයේදී සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ මහතා  ද බැසිල් රාජපක්ෂ මහතාගේ නාම යෝජනාව දීමට මැතිවරණ කොමිසම වෙත ගොස් තිබුණි.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෙන එන බවට ඔහු වෙනුවෙන් මන්ත්‍රී ධුරය පරිත්‍යාග කළ ජයන්ත කැටගොඩ මහතා පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියාසිටියේ ය.

බැසිල් රාජපක්ෂ මහතාගේ නම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙන් ගැසට් කළ පසුව ඔහු මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බවත් අනතුරුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇති බවත් කැටගොඩ මහතා හෙළිකළේය.

ඔහුට මුදල් අමාත්‍ය ධුරය ලබාදීමට වත්මන් අමාත්‍යාංශය හොබවන අගමැති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත දෙන්නට ඇති බවත් ඔවුන් සහෝදරයන් නිසා ඒ බව කතිකා කරගෙන ඇතැයි ද කැටගොඩ මහතා මෙහිදී කියාසිටියේ ය.

බැසිල් රාජපක්ෂ මහතාට මන්ත්‍රී ධුරයට එන ලෙස පසුගිය මාස 10 තුළම පක්ෂ සාමාජිකයන් දැඩි පීඩනයක් දුන් අතර ඔහු කැමැත්ත පළකළේ ඉතා අසීරුවෙන් බවත්, ඔහු වෙනුවෙන් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ යුතුකම ඉටු කිරීමට මිස තනතුරු අපේක්ෂාවෙන් නොවන බවද හෙතෙම කීය.

බැසිල් රාජපක්ෂ මහතා පත්වූ පසුව ජනතාවට යම් සහනයක් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව ද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්