නවතම පුවත්

බිත්තරයක් රුපියල් දහයයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නිරෝධායන මධ්‍යස්ථාන වල ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපයීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟ වී ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අද (23)පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී යුද හමුදා සැපයීම් අංශයට බිත්තර පනස්දාහක් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පරිත්‍යාග කරන ලදී.

වත්මන් තත්වය සලකා බලා බිත්තර මිල අඩු කරන ලෙස සමස්ථ ලංකා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇති හෙයින් ජනතාවගේ පහසුව සඳහා බිත්තර මිල අඩු කිරීමට සංගමය තීරණය කර ඇති බවද එම සංගමයේ සභාපති ආර් .එම් සරත් රත්නායක මහතා පැවසීය.

ඒ අනුව අද සිට බිත්තරයක් රුපියල් දහයකට මිලදී ගැනීමේ හැකියාව ලැබේ.

සතොස සමුපකාර ආදී ආයතන හරහා පහසු මිලට බිත්තර මිල දී ගැනීමේ හැකියාව ඇති අතර මේ වෙන විටත් බිත්තර ලොරි 450 ක් දිවයින පුරා බිත්තර බෙදාහැරීමේ යෙදේ .

වැඩි මිලට බිත්තර විකුණන්නේ නම් 0372293300 යන පාරිභෝගික අංකයට දැනුම් දෙන ලෙස ද සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉල්ලා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්