නවතම පුවත්

බුද්ධි අංශ දඩයම නිසා ත්‍රස්වාදීන් සාර්ථක උනා – මහින්ද රාජපක්ෂ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බුද්ධි අංශ නිලධාරීන් දඬයම් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම හේතුවෙන් ත්‍රස්තවාදීන්ට සිය ක්‍රියා සිදුකිරීම පහසුවක් වූ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

” මේ ප්‍රහාර දැක්කාම මට මතක්වෙන්නේ කැබිතිගොල්ලෑව ප්‍රහරයයි. දකුණු ආසියාවේ සිවිල් ජනතාවක් ඉලක්ක කරගෙන එල්ල වූ දරුණුම ප්‍රහාරය මෙය බවට ආරක්ෂක අංශ සඳහන් කරනවා.

මම ජනපතිට භාර දුන්නේ සුරක්ෂිත රටක්. ඒක විදේශීය රටවල් පවා කියලා තිබුණ. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ සඳහා වගකිව යුතුයි.

පොලීසිය දැනුවත් කර තිබුණා. පල්ලිවලට ආරක්ෂාව දෙන්න තිබුණා. ආණ්ඩුව බුද්ධි අංශ නිලධාරීන් දඬයම් කළා. රණවිරුවන් හිරේ දැම්මා.

ත්‍රිවිධ හමුදාපතිවරුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන ගියා. විදේශ රටවලට අවශ්‍ය විදිහට රට පාලනය කරන්න දෙන්න බෑ.

බුද්ධි අංශ දඬයම් කිරීම ත්‍රස්තවාදීන් පහසුවක් වුණා. නිලධාරීන් බිල්ලට දාලා ආණ්ඩුව අත හෝදගන්න හදනවා.

දැන් අස්වෙන්න ඕන ආණ්ඩුවයි. මාවනැල්ල හා වනාතවිල්ලු සිදුවීම් එකිනෙකට සම්බන්ධයි.  මේක කලින් දැනගෙන ඇමතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කළා.

මෙය සංචාරක කර්මාන්තයට හා විදේශ ආයෝජන සඳහා එල්ල වූ මරු පහරක්.  රණවිරු දඩයම දැන් නවත්වන්න. මේ සඳහා විපක්ෂය ලෙස අප සහාය දක්වන්න සූදානම්.

ත්‍රස්තවාදයට ආගමක් ජාතියක් නෑ.  “

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා