මෙරට බුද්ධි අංශ ප්‍රධානියා වන නිලන්ත ජයවර්ධන මහතා, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දක්වා තනතුර උසස් කිරීමට නියමිතය.
ඊට අදාළ ලියකියවිලි ඉදිරි සතිය තුළ ජාතික පොලිස් කොමිසමට යොමු කිරීමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම උසස්වීමෙන් පසුව බුද්ධි අංශ ප්‍රධානි කටයුතුවලට අමතරව තවත් විශේෂ කටයුත්තක් පැවරීමට ද නියමිතව තිබේ.
නිලන්ත ජයවර්ධන 1998 දී ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක්වූවෙකි.
ඔහු නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලබන්නේ 2016 වසරේදී ය.
මොහු කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදි සිසුවෙකි.
දම්පත් රණසිංහ