නවතම පුවත්

මෙරට සිටින විදේශිකයන්ට ප්‍රථම වතාවට ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාවක්

අසංක

අසංක

ලොව ප්‍රමුඛත ම අන්තර් රාජ්‍ය, අන්තර් මුදල් හුවමාරු සමාගමක් වන වෙස්ටර්න් යුනියන් සමාගම ශ්‍රී ලංකාවේ පුරෝගාමී මුදල් හුවමාරු සේවාව සහ මෙරට වෙස්ටර්න් යුනියන් නියෝජිතයා වන එම් එම් බී එල් මනී මාස්ටර් ( MMBL Money Master) සමග අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයන් හට සිය මුදල් ලොව වෙනත් රටවලට හුවමාරු කර ගැනීමේ අවස්ථාව උදාකර ඇත.

මෙය ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශිකයන් සඳහා වෙස්ටර්න් යුනියන් සමාගම ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාවක් හඳුන්වා දෙන ප්‍රථම අවස්ථාව වේ.

මේ අනුව අම්පාර, මඩකලපුව, කොළඹ, ගම්පහ, යාපනය, මහනුවර සහ කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්ක 17ක නගර 35ක් ආවරණය කෙරෙමින් ස්ථාපනය කර ඇති MMBL Money Master පරිශ්‍ර 61 හරහා මෙම සේවාව හිමිකර ගත හැකිය.

පාරිභෝගිකයන් හට ඇ.ඩො. 500ක් දක්වා බැංකු ගිණුමකට බැර කිරීමට හෝ ලොව රාජ්‍යයන් සහ ප්‍රදේශ 200ක පිහිටි නියෝජිත පරිශ්‍ර මිලියන භාගයකට අධික සංඛ්‍යාවකින් මුදල් ලබාගැනීමට හෝ හැකිවේ.

“ශ්‍රී ලංකාවේ සිට ලොව අනෙකුත් රාජ්‍යයන් වෙත ජාත්‍යන්තර මුදල් හුවමාරු සේවාව ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා. ජාත්‍යන්තර කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ගෝලීය ආර්ථිකයට පිවිසෙන මේ මොහොතේ, නියාමනය කෙරුණු, පහසු සහ කඩිනම් මුදල් හුවමාරු හා ගෙවීම් සේවාවක් මෙරට ආර්ථික වර්ධනයටත්, සමාජ සංවර්ධනයටත් අත්‍යවශ්‍ය සාධකයකි” යනුවෙන් වෙස්ටර්න් යුනියන් සමාගමේ දකුණු ආසියානු සහ ඉන්දු-චීන කලාපයේ උප සභාපතිනී සෝහිනී රජෝලා මහත්මිය පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කළාය.

දිවයින පුරා පිහිටි 2,000කට අධික MMBL Money Master පරිශ්‍ර හරහා දැන් මෙරට සේවය කරන හෝ මෙරට පදිංචි විදේශිකයන් හට සිය ආදරණීයයන්ගේ ජාත්‍යන්තර අධ්‍යාපන, වෛද්‍ය සේවා, ගමන්, භාණ්ඩ හා සේවා අවශ්‍යතා සඳහා කඩිනමින් මුදල් යොමු කිරීමේ පහසුව හිමිවේ.

පැතුම් වික්‍රමරත්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්